> ## Content Index
> Fetch the complete content index at: https://www.citizen.lk/llms.txt
> Use this file to discover other available public pages before exploring further.

# වසර 116කට පසු 'අළු බඳුන'ත් අලුත් වෙයි
- URL: https://www.citizen.lk/breaks-116-year-ashes-record/
- Published: 2025-12-27T07:43:42.000Z
- Updated: 2025-12-27T07:43:42.000Z
- Author: Deepali Jayasundara
- Tags: කෙළිබිම, විදෙස්

'අළු බඳුන' ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ ඊයේ (27) ආරම්භ වූ සිව්වන තරගයේ දී කණ්ඩායම් දෙකෙහිම පිතිකරුවන් පළමු ඉනිමේදී දැවීගොස් ඇති අතර, ඒ අනුව පළමු දිනයේ දී පමණක් කඩුලු 20ක් බිඳවැටී තිබෙනවා.

ඒ අනුව 'අළු බඳුන' තරග ඉතිහාසයේ පළමු දිනයේදී කඩුලු 20ම බිඳවැටී ඇත්තේ වසර 116කට පසුව වන අතර අවසන්වරට මෙවන්නක් සිදුව ඇත්තේ 1909 වසරේ ඔස්ට්‍රේලියාවේ පර්ත්හිදී පැවති තරඟයකදී බව ක්‍රිකට් වාර්තා සඳහන් කර තිබෙනවා.