කොච්චිකඩේ සහ කටුවාපිටිය බෝම්බකරුවන්ගේ DNA වාර්තා CIDයට.

0
164

කොච්චිකඩේ සාන්ත අන්තෝනි දේවස්ථානයේ මරාගෙන මැරෙන බෝම්බය පුපුරුවාගත් බවට සැක කළ අලව්ඩීන් මොහොමඞ් මුවාත් සහ කටුවාපිටිය සාන්ත සෙබස්තියන් දේවස්ථානයට ප්‍රහාර එල්ල කළ අච්චි මොහොම්මදු මොහාම්මදු හස්තුන් නැමති ත්‍රස්තවාදීන් දෙදෙනාගේ අනන්‍යතාව DNA පරික්ෂණ මගින් තහවුරු කරගෙන තිබෙනවා.

එම ත්‍රස්තවාදීන් දෙදෙනාගේ DNA සාම්පල ඔවුන්ගේ ඥාතීන්ගෙන් ලබාගත් DNA සාම්පල සමඟ සැසඳුන බවයි රජයේ රස පරික්ෂක ආරියනන්ද වැලිඅංග මහතා මාධ්‍යට පවසා ඇත්තේ.

එම DNA පරික්ෂණ වාර්තාව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමුකළ බවත් පාස්කු ඉරිදා මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කළ අනෙක් ත්‍රස්තවාදීන් 7දෙනාගේ DNA පිරික්ෂණ තවදුරටත් සිදුකරන බවත් රජයේ රස පරික්ෂකවරයා කියා සිටියා.