බොලිවුඩයේ සුපිරි නිළි සුස්මිතාගේ විවාහය ළඟදීම. (PHOTOS)

0
78

බොලිවුඩයේ ජනප්‍රිය සිනමා නිළියක් වන සුස්මිතා සෙන් සිය විවාහය මේ දිනවල සැලසුම් කරමින් සිටින බව බොලිවුඩය පැත්තෙන් ආරංචි වෙනවා. මේ වනවිට සිය 43 වැනි විය ගෙවා දමමින් සිටින සුස්මිතා සෙන් රේමන් ෂාවල් නම් පුද්ගලයා සමගින් වසර කිහිපයක් තිස්සේ පෙමින් වෙළි සිටින බව සඳහන්.

කාලයක් සල්මාන් ඛාන්ගේ පෙම්වතියක්ව සිටි ඇය ලෝක රූරැජිණ කිරූළ දිනාගෙන තිබෙනවා. සුස්මිතා පවසන්නේ මේ වසරේදී තමා හා රේමන් අතර ප්‍රේම සම්බන්ධය බොහෝ දුරට විවාහයකට පෙරළෙන ලකුණු පවතින බවයි. සුස්මිතා මේ වනවිට බොලිවුඩ් සිනමාවෙන් තාවකාලිව ඈත්වද සිටිනවා.