බොලිවුඩයේ සුපිරි නළු ශහීඩ් කපූර් සිය පුතු ගැන අනාවැකි කියයි. (PHOTOS)

0
80

පසුගියදා බොලිවුඩයේ සුපිරි නළු ශහීඩ් කපූර් එරට මාධ්‍ය ආයතනයක් සමඟ සම්මුඛ සාකච්ඡාවකට පෙනී සිටියා.එහිදී ඔහු කියා සිටියේ තමා දැන් සිය දරුවන් දෙදෙනා සහ සිය ප්‍රිය බිරිය වන මීරා සමඟ ගත කරන කාලය ඉතා සතුටු දායක බවයි.

එමෙන්ම දරුවන් දෙදෙනෙකුගේ පියෙකු වන ශහීඩ් කපූර්ගෙන් ඔහුගේ බාල පුතු වන Zain ගැන විදෙස් මාධ්‍ය කළ විමසීමකදී ඔහු කියා තිබුණේ ” සිය පුත්‍රයා තමා හා බිරිඳගේ හැඩහුරුකම් ඇති බවට බොහෝ දෙනා පවසන බවයි.

නමුත් තම බිරිඳගේ හැඩ හුරුකම් පමණක් තම පුතාට ඇති බව ඔහු විශ්වාස කරන බවයි ෂහිඩ් කියා පවසන්නේ.

එමෙන්ම ඔහු වැඩි දුරටත් විදෙස් මාධ්‍ය වෙත පවසා තිබුණේ “මගේ පුතාගේ වයස දැන් මාස අටයි. එයා ඉපදුණේ ගිය අවුරුද්දේ සැප්තැම්බර් මස 5 දා. එයා අනාගතයේදී මටත් වඩා කඩවසම් තරුණයෙකු වෙයි කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම මම දැන් මගේ දරුවෝ දෙන්නා එක්ක තමයි කාලය ගත කරන්න වැඩිපුරම කැමති..” යනුවෙනි.