“නීතිය අතට ගත්තොත් වෙසක් පෝදා ඇඳිරි නීතිය වැටෙයි” – මාවරලේ භද්දිය හිමි

0
275

රටේ මේ වනවිට පවතින ගැටුම් පසුපස අන්තවාදී දේශපාලන කුමන්ත්‍රණයක් පවතින බව පූජ්‍ය මාවරලේ භද්දිය හිමියන් පවසනවා. අතුරුගිරිය ප්‍රදේශයේ අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළා.

‘අප්‍රේල් 21 වනදා ප්‍රහාරයෙන් පස්සේ කතෝලික සමාජයවත් බෞද්ධ සමාජයවත් මුස්ලිම් ජනතාව ඉලක්ක කර ගත් නරක කිසිම හැසිරීමකට ගමන් කරේ නැතිව සති දෙකක් ගත වුණා. මට තියෙන ප්‍රශ්න තමයි ඒ උණුසුමේ ගහගත්ත නැති මිනිස්සු ඇයි දැන් ගහගන්නේ.

මෙතන කණ්ඩායම් දෙකයි හැසිරෙන්නේ ලංකාවේ දේශපාලන අන්තවාදියෝ. අන්න ඒ අන්තවාදියෝ මට පේනවා නීතිය අතට ගෙන කටයුතු කරන්න හදනවා ද කියලා. මේ තත්ත්වය ඇතුලෙ හදන්න යන්නෙ කළු වෙසක්. මේ බටහිරයාගේ හෝ අරාබියාගේ හෝ අරමුණ මේක වෙන්න පුළුවන්.

අර එක අමාත්‍යවරයෙක් මේ මොහොතේ එක ප්‍රකාශයක් කළා. මේ රට බෞද්ධ රටක් ද නැද්ද කියලා රටේ ඇමතිවරු දන්නෙ නැතිවුණාට ලෝකෙ මිනිස්සු දන්නවා. අපි නීතිය අතට ගෙන කටයුතු කළහොත් මතක තියා ගන්න වෙසක් පොහෝ දා ඇදිරි නීතිය වැටෙනවා.

අපි කොහොමද වෙසක් සතිය ඇරඹිලා තියෙද්දී මිනිහෙකුගේ කඩේට ගිහිල්ලා ගල් ගහන්නේ. පල්ලියකට ගහන්නෙ. එලියට එන වෙලාවේ ඒක පාරිපාලනයට ලක් කරන්න අසමර්ථ පාලකයෝ ටිකක් මෙතන හිඳපු එක තමයි මෙතන තියෙන ලොකුම අර්බුදය.”