ඕස්ට්‍රේලියාවේ හිටපු අග්‍රාමාත්‍ය Bob Hawke අභාවප්‍රාප්ත වේ.

0
93

ඕස්ට්‍රේලියාවේ හිටපු අග්‍රාමාත්‍යවරයෙකු වූ Bob Hawke ඊයේ අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඕස්ට්‍රේලියාවේ වැඩිම කාලයක් අග්‍රාමාත්‍ය ධුරයේ කටයුතු කළ කම්කරු පක්ෂයේ නායකයා ලෙස හැඳින්වෙන මෙතුමා මිය යන විට 89 වැනි වියේ පසු වූවා.

ඔහු සමුළු සහ සාකච්ඡා සම්බන්ධව සැලකිල්ලක් නොදක්වන අපූරු මිනිසෙක් බවත් ඕස්ට්‍රේලියානු වැසියන්ගේ නිරන්තර ආදරයට පත්‍ර වූ රාජ්‍ය නායකයෙක් බවත් විදෙස් මාධ්‍ය පවසනවා. 

නමුත් ඔහු කාර්යාලයේදී මත්පැන් පානයට යොමුවූවෙක් බවද දැනගන්නට ලැබෙන අතර 1983 වසරේ සිට 1991 වසර දක්වා ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ධූරයේ කටයුතු කර තිබෙනවා. 

සම්මුතීන් ගොඩනැගීමේ අවශ්‍යතාවය අවබෝධ කරගත් තියුණු දේශපාලන මනසකින් යුතු පුද්ගලයෙකු වූ Bob Hawke ඡන්ද දායකයන් තමා හා එකඟවන අයුරින් තබා ගැනීමට සෑම විටම ඉතා විචක්ෂණශීලීව කටයුතු කල අයෙකු බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ.  

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here