“ලංකාවේ ලොකුම පියයුරු එකතුව” ප්‍රදර්ශනය කරන ලංකාවේ ලොකුම ප්‍රදර්ශනය

“කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය 2019” අද ආරම්භ වීමට නියමිතව ඇත. ඒ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී ය.

වාර්ෂික ව පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ශ්‍රී ලංකාවේ වැඩිම පිරිසක් සහභාගී වෙන ඉසව් අතරින් එකක් ලෙස හැඳින්විය හැකියි.

ලංකාවේ සියලු ප්‍රධාන පෙළේ පොත් ප්‍රකාශකයන් සිය පොත්පත් මේ සඳහා ඉදිරිපත් කරන අතර පැමිණෙන්නන් ට ඉතා ඉහළ වට්ටම් වලට සහ සොයාගැනීමට අපහසු පොත්පත් පවා මෙහිදී ලබා ගැනීමේ අවස්ථාව තිබේ.

කෙසේ වෙතත් මෙම ප්‍රදර්ශනය පිළිබඳ ප්‍රචාරය කර තිබූ දැන්වීමක එක් අකුරක සුළු වැරදීමක් පිළිබඳව සමාජ ජාලයක් තුළ පෙන්වා දී තිබුණා. එහි පෙන්වා තිබුණේ ඉංග්‍රීසි භාෂාවෙන් පොත් යන්නට යෙදෙන BOOK යන වචනයේ K අකුර වෙනුවට B අකුරක් යෙදී එය ලියවී තිබුණේ BOOB යනුවෙනි. BOOB යනු කාන්තාවන්ගේ පියයුරු හඳුන්වන ඉංග්‍රීසි වදනකි.

ඒ අනුව එම දැන්වීම අර්ථ ගැන්වෙන්නේ ලංකාවේ “ලොකුම පියයුරු එකතුව ලංකාවේ ලොකුම ප්‍රදර්ශනයේ දී” යනුවෙනි.

තහවුරු කරන ලද , විශ්වසනීය 💯 සියලු උණුසුම් පුවත් 📰 නොමිලේම 🆓 එසැනින් ඔබේ දුරකථනයට ලබා ගැනීමට මෙම Link එක Click කරන්න