බෙන් ස්ටොක්ස් සමාව ඉල්ලයි.


ලෝක කුසලානයේ සුපිරි පන්දුවාරයේ ලකුණු සම වූ විට ජයග්‍රාහකයා ලෙස තෝරාගන්නේ ඉනිම තුල වැඩිම 6,4 පහර එල්ල කළ කණ්ඩායමයි. ඒ අනුව 4 පාර 24ක් එල්ල කළ එංගලන්තය 2019 ලෝක කුසලානය හිමි කරගත්තේ ලෝඩ්ස් ක්‍රීඩාංගනයට රැස්වූ 40,000 කට අධික එංගලන්ත ප්‍රේක්ෂකයන්ගේ ඔල්වරසන් මධ්‍යයේයි. අවසන් මහා තරඟයකදී එල්ල කරනු ලැබූ හතරේ පහරවල් සංඛ්‍යාව වැඩිවීම හේතුවෙන් කණ්ඩායමක් ජයගත් පළමු අවස්ථාව ලෙස ඊයේ තරඟය ඉතිහාසයට එක්වනවා.

මේ අතර තරඟයේ සිදුවූ එක් සිදුවීමක් පිළිබදව තමන් කණගාටුවන බව බෙන් ස්ටොක්ස් පවසනවා.

එංගලන්ත ඉනිමේ අවසන් පන්දුවාරයේ සිව්වන පන්දුවේදී මෙම සිදුව්ම සිදුවන අතර පන්දු රකින ක්‍රීඩකයෙක් විසින් නවසීලන්ත කඩුලු රකින ක්‍රීඩකයා වෙත යොමු කරන පන්දුව එම අවස්ථාවේ කඩුලු අතර දුවමින් සිටි බෙන් ස්ටොක්ස්ගේ ශරීරයේ වැදී හතරේ සීමාව වෙත ඇදී යනවා. ඒ අනුව එංගලත්න පිලට අතිරේක ලකුණු 04ක් ලැබෙනවා.

එම අවස්ථාවේ එංගලන්ත පිළට පන්දු 03ක් තුල ලකුණු 09ක් අවශ්‍යව තිබූ අතර එම සිදුවීම සිදුවන අවස්ථාවේ පිතිකරුවන් දෙදෙනා කඩුලු අතර දිවයමින් ලකුණු 02ක් රැස්කරගෙන තිබූ අතර පන්දුව බෙන් ස්ටොක්ස්ගේ ශරීරයේ වැදී හතරේ සීමාව වෙත ගොස් එංගලන්ත පිලට එක්වූ අතිරේක ලකුණු 04ත් සමඟ එම පන්දුවේදී එංගලන්ත පිලට ලකුණු 06ක් හිමිවුණා.

එම අවස්ථාවට මුහුණ දුන් බෙන් ස්ටොක්ස් සිදුවූ එම සිදුවීම සම්බන්ධයෙන් “මම කේන්ට කිව්වා මගේ ජීවිත කාලය පුරාම මම ඒ ගැන සමාව ඉල්ලනවා” යනුවෙන් පවසා තිබෙනවා.

තහවුරු කරන ලද , විශ්වසනීය 💯 සියලු උණුසුම් පුවත් 📰 නොමිලේම 🆓 එසැනින් ඔබේ දුරකථනයට ලබා ගැනීමට මෙම Link එක Click කරන්න