බුකිය කැළඹු මන්ත්‍රීවරියගේ තිරය පිටුපස කතාව.

වෙන්නපුව ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරියක් ගැන මේ දිනවල රටපුරා කතා බහට ලක්වෙලා තිබෙනවා.ඇය වර්ණකුලසූරිය දුලක්ෂි චමෝදරී ප්‍රනාන්දු නමැති 21 හැවිරිදි වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරියක්.

මෙම තරුණිය ප්‍රාදේශීය සහාව සඳහා තේරී පත් වෙන්නේ වයස අවුරුදු 19දී.තමන්ට ඡන්ද අයිතිය ලැබු සැනින්ම කිසිඳු අද්දැකීමක් නොමැතිව ප්‍රාදේශිය සභාවක බලයලත් නිලධාරිනියක වෙනවා.

ඇයගේ දේශපාලන දිවියේ ආදර්ශයට සිටින්නේ බලපුළුවන්කාර දේශපාලකයින.ඒ කෙසේවෙතත් ඇගේ පවුල් පරිසරය කෙතරම් වැදගත්ද යන්න මහත් ගැටළුවක්.එලෙස සිතන්නට තරම් හේතු වුයේ සිද්ධිය පටන් ගත් මොහොතේ සිට ඊයේ අධිකරණයට පැමිණෙන තෙක් හැසිරුණු සහ කතා කල ආකාරය අනුවයි.

අත්අඩංගුවට පත් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරිය සඳහන් කරන්නේ ඔවුන්ගේ නිවසේ කසිප්පු පෙරනවා අල්ලන්නට පොලිසිය පැමිණියත් කිසිවක් හමු නොවූ නිසා මේ වරදට පැටලවූ බවයි.

සිද්ධියෙන් පසු බොහෝ දෙනා පවසන්නේ ඇය ඡන්දය ඉල්ලීමට කටවුට් සඳහා භාවිතා කරන ඇයගේ ඡායාරුප නිසා ඡන්දය ජයග්‍රහණය කරන බවයි.

නැසීගිය එජාප හිටපු ධීවර ඇමති පෙස්ටස් පෙරේරා හා ඔහුගේ පුත් අමාත්‍ය නිරෝෂන් පෙරේරාගේ අනුගාමිකාවක් වන ඇය නිරෝෂන් සිටින වේදිකාවලට නැග, ඔවුන්ගේ පවුලේ අයගේ රූප පෙන්වා ඡන්දය ලබාගෙන ඇති බවද වාර්තා වෙනවා.

2018 ප්‍රාදේශිය සභා මැතිවරණයේ ඇගේ පෝස්ටරයේ දක්වා තිබුනේ ‘උගත් බුද්ධිමත් තරුණ අපේක්ෂිකාව දුලක්ෂි පුනාන්දු තෝරා පත් කර ගනිමු’ ලෙසින් වුවත් නීතිය ක්‍රියාත්මක කරන පොලිසිය ඉදිරියේ අමුතු හැසිරීමක නිරතවූ ඇය ජනතා නියෝජිතවරියක වන්නට අවම සුදුසුකමවත් සපුරා තිබේද යන්න ගැටලුවක්.