තරුණයන්ගෙන් හැඩ වන ලස්සන ශ්‍රී ලංකාව

මේ දිනවල විවිධ ස්ථානවල ඇති තාප්ප වල අදින සිතුවම් ගැන දැන් බොහෝදෙනා කතාකරන්න අරගෙන. විශේෂයෙන්ම සමාජ මාධ්‍යන් වල මේ ප්‍රවනතාව වැඩි වශයෙන් දක්නට පුළුවන්. ලස්සන ශ්‍රී ලංකාවක් වෙනුවෙන් බොහෝ තරුණ තරුණියන් එකතු වෙලා. කොළඹ,කළුතර ,ගම්පහ,මහනුවර,කෑගල්ල,ගාල්ල වැනි නගරවල මේවනවිටත් අලංකාර සිතුවම් වලින් ලස්සනවී හමාරයි.

ඒ විදිහට ලංකාවේ තරුණ තරුණියන් අතින් සිතුවම් වූ චිත්‍ර මේ නගරවලට ගෙන එන්නේ මහත් වූ අලංකාරයක්.

මෙහි විශේෂත්වය වන්නේ ශ්‍රී ලංකාවේ වැඩිහිටි පරම්පරවෙන්ද මෙයට ආශීර්වාදය ලැබීමයි.

මෙම තරුණ තරුණියන්ගේ එකම ඉල්ලීම වන්නේ මේ චිත්‍ර අපවිත්‍ර නොකරන ලෙසයි.

තහවුරු කරන ලද , විශ්වසනීය 💯 සියලු උණුසුම් පුවත් 📰 නොමිලේම 🆓 එසැනින් ඔබේ දුරකථනයට ලබා ගැනීමට මෙම Link එක Click කරන්න