පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට පැමිණි බදියුදීන් ආපසු යවයි.

හිටපු අමාත්‍ය රිෂාද් බදියුදීන් මහතා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි දීම සඳහා අද(26) දිනයේ දී පැමිණි නමුත් කමිටුවේ ඉල්ලීම මත සාක්ෂි විමසීම 28 වන දිනට කල් තබා තිබෙනවා.

පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ සොයාබැලීමේ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව යළි අද සවස 2 රැස් වූ අතර එහිදී පළමුව යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා සාක්ෂි ලබා දුන්නා.

කෙසේ නමුත් සවස 5 ට පමණ සාක්ෂි ලබා දීමට පැමිණි හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා අසුන් ගැනීමෙන් අනතුරුව කමිටු සමාජිකයින් විසින් කමිටුවේ වැඩ කටයුතු අද දිනට අවසන් කළ යුතු බවත් සාක්ෂි විමසීම එළඹෙන 28 වන දින සවස 2 කට කල් තබන බවත් සඳහන් කළා.

එයට හිටපු අමාත්‍යවරයාගේ විරෝධතාවයක් නොමැති වු බැවින් විශේෂ කාරක සභාවේ වැඩකටයුතු අද දිනට නිමා වුණා.

තහවුරු කරන ලද , විශ්වසනීය 💯 සියලු උණුසුම් පුවත් 📰 නොමිලේම 🆓 එසැනින් ඔබේ දුරකථනයට ලබා ගැනීමට මෙම Link එක Click කරන්න