විදෙස් ත්‍රස්තයන් මූල්‍ය ආයතන හා ගනුදෙනු කර ඇත්දැයි සොයන්න මෙහෙයුමක්.

0
61

විදෙස් ත්‍රස්තයන් ලංකාවේ මූල්‍ය ආයතන සමඟ ගනුදෙනු කර ඇත්දැයි සොයාබැලීම සඳහා දේශීය සහ විදේශීය වශයෙන් නමගිය ත්‍රස්ත සාමාජිකයන් 5,000කට අධික පිරිසකගේ නාමලේඛනයක් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මෙරට සියලු මූල්‍ය ආයතන වෙත යොමුකර ඇති බව වාර්තා වනවා.

අතිශය රහස්‍ය මෙම නාමලේඛනය ශ්‍රී ලංකා මහ බැංකුවට එවා ඇත්තේ ජාත්‍යන්තර පොලිසිය විසින් බව පැවසෙනවා.

එම ලැයිස්තුව තුළ අයි.එස්. සංවිධානය, අල්කයිඩා සංවිධානය, තලෙයිබාන් සංවිධානය, එල්.ටී.ටී.ඊ සංවිධානය, ඉරානයේ ත්‍රස්ත සංවිධාන සහ කොරියානු ආයුධ අලෙවි කරන සංවිධාන හයක ප්‍රබලයන්ගේ නම් ඇතුළත් බව සඳහන් වනවා.

එම ලැයිස්තුවේ සිටින පිරිස් දේශීයව හෝ විදේශීයව ගනුදෙනු කර ඇතිද යන්නත් ගනුදෙනු කර ඇති නම් ඊට අදාළව වාර්තාවකුත් ලබාදෙන ලෙස මහ බැංකුව මූල්‍ය ආයතන වෙත විශේෂයෙන් දන්වා තිබෙනවා.

විදෙස් රටවල ජීවත්වන විදේශිකයන් විසින් මොවුනට ලබාදෙන මූල්‍යාධාර සම්බන්ධයෙන් මෙහිදී විශේෂයෙන් සොයා බලන බවද පැවසෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here