අසාද් සාලි ගැන අල්ලස් කොමිසමට පැමිණිල්ලක්.

0
93

බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි නියමිත ක්‍රමවේදයට පරිබාහිරව යමින් අධි සුඛෝපභෝගී ජීප් රථයක් මිලදී ගැනීමට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණීලි කරන බව බස්නාහිර පළාත් සභා හිටපු මන්ත්‍රී නිරෝෂන් පාදුක්ක පැවසුවා.

ඔහු මේ බව කියා සිටියේ අද (30) කොට්ටාව ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.