Avengers අලුත්ම චිත්‍රපටය සමඟ පැමිණි Audi E-Tron විද්‍යුත් මෝටර් රථය. (PHOTOS)

    0
    164

    Audi කියන්නේ ලෝක ප්‍රසිද්ධ මෝටර් රථ සමාගමක්. මේ කියන්න හදන්නේ Audi සමාගම පසුගියදා මාවල් සමාගම සමඟ එක්ව Avengers End Game චිත්‍රපටයට සමගාමීව නිෂ්පාදනය කරපු මෝටර් රථයක් ගැන. Audi සමාගම මීට වසර ගණනාවක සිටම Avengers චිත්‍රපට මාලාව සමඟ එක්ව සිටිනවා.

    එහි ප්‍රතිපලයක් ලෙසයි මෙම අලුත්ම මෝටර් රථය නිෂ්පාදනය කර තිබෙන්නේ. 

    මෙම නව මෝටර් රථය පෙන්වීම සඳහා එම චිත්‍රපට මාලාවේ නවතම චරිතය වන Captain Marvel යොදාගෙන ඇති අතර මෙම මෝටර් රථය නම් කර ඇත්තේ Audi E-Tron ලෙසයි. 

    Audi E-Tron මෝටර් රථය එම සමාගමෙන් නිෂ්පාදනය කල විද්‍යුත් තාක්ෂනය භාවිතා කරමින් ගමන් කිරීමට හැකියාව තිබෙන මෝටර් රථයක්. එම මෝටර් රථය චිත්‍රපටයේ දකින්නට ඇති Audi E-Tron  GT මෝටර් රථය මෙන් දැකුම්කලු ස්වභාවයක් ගන්නේ නැති වුවත් ඉතා අලංකාර ආකාරයෙන් මෙම මෝටර් රථය නිෂ්පාදනය කිරීමට සමාගමේ නිලධාරීන් කටයුතු කර තිබෙනවා. 

    SUV පන්නයේ මෝටර් රථයක් ලෙසින් නිෂ්පාදනය කර ඇති මෙම රථය එකවර අරෝපනයකින් කිලෝ මීටර 300 ක් ධාවනය කර හැකි බවයි වාර්තා වන්නේ. 

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here