> ## Content Index
> Fetch the complete content index at: https://www.citizen.lk/llms.txt
> Use this file to discover other available public pages before exploring further.

# ඉන්ධන බදු අඩකින් අඩු කිරීමට ඕස්ට්‍රේලියානු රජය තීරණය කරයි
- URL: https://www.citizen.lk/australian-government-decides-to-halve-fuel-taxes/
- Published: 2026-03-30T10:30:32.000Z
- Updated: 2026-03-30T10:30:53.000Z
- Author: Deepali Jayasundara
- Tags: විදෙස්

March 30 (Citizen.lk News) - ඉරාන යුද්ධය හේතුවෙන් ඉහළ යන ජීවන වියදම හේතුවෙන්, පෙට්‍රල් සහ ඩීසල් මත පනවා ඇති බදු අඩකින් අඩු කිරීමට ඕස්ට්‍රේලියානු රජය පියවර ගෙන තිබෙනවා.

තවද, මාස තුනක කාලයක් සඳහා ‘බර වාහන මාර්ග පරිශීලක ගාස්තුව’ (Heavy Vehicle Road User Charge) ඉවත් කිරීමටද කටයුතු කරන බවත් මෙලෙස බදු අඩකින් අඩු කිරීම හරහා ඉන්ධන ලීටරයක මිල ඕස්ට්‍රේලියානු ශත 26.3 කින් අඩුවනු ඇති බවත් වැඩිදුරටත් වාර්තා වනවා.