අල්ලස් ගැනීමේදී අත්අඩංගුවට පත් සහකාර පොලිස් අධිකාරි යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

රුපියල් 190,000ක මුදලක් අල්ලස් ලෙස ලබා ගැනීමේදී අත්අඩංගුවට ගත් හලාවත සහකාර පොලිස් අධිකාරි කීර්ති බණ්ඩාර මේ මස 13 වනදා දක්වා යලි රක්ෂිත බන්ධනාගාර ගත කරන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න අද නියෝග කරනු ලැබුවා.

අල්ලස් කොමිසම අද අධිකරණයට දැනුම් දුන්නේ පැමිණිලිකාරිණියට මරණ තර්ජන ඇති බවට පොලිසියට සහ අල්ලස් කොමිසමට පැමිණිලි කර ඇති බවයි.

මෙම සහකාර පොලිස් අධිකාරිවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා සිය සේවාදායකයාට ඇප ලබාදෙන ඉල්ලීමක් කළ අතර ඒ සම්බන්ධයෙන් නියෝගය එදිනට ලබාදෙන බව මෙහිදී මහේස්ත්‍රාත්වරිය දැනුම් දුන්නා,

හලාවත, මුන්නේෂ්වරම් ප්‍රදේශයේ පිහිටි දේවාලයකින් නැතිවූ වාලම්පුරි දෙකක් සොයාදීම සඳහා එහි භාරකාරියගෙන් රුපියල් ලක්ෂ 2ක අල්ලස් මුදලක් ඉල්ලා ඉන් 190,000 ක මුදලක් අල්ලස් වශයෙන් ලබා ගැනීමට යාමේදීයි අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම විසින් හලාවත සහකාර පොලිස් අධිකාරිවරයා අත්අඩංගුවට ගනු ලැබුවා.

තහවුරු කරන ලද , විශ්වසනීය 💯 සියලු උණුසුම් පුවත් 📰 නොමිලේම 🆓 එසැනින් ඔබේ දුරකථනයට ලබා ගැනීමට මෙම Link එක Click කරන්න