නව ඇමති මණ්ඩලයේ දිවුරුම් දුන් අශෝක ප්‍රියන්ත අැමතිවරයාගේ නිවසට විශේෂ ආරක්ෂාවක් !

0
530

නව රජයේ සංස්කෘතික, අභ්‍යන්තර කටයුතු සහ වයඹ සංවර්ධන නියෝජ්‍ය ඇමතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රි අශෝක ප්‍රියන්ත දිවුරුම් දීමත් සමග නාත්තන්ඩියේ පිහිටි ඔහුගේ නිවසට මේ වන විට විශේෂ ආරක්ෂාවක් ලබා දීමට මාරවිල පොලීසිය කටයුතු කර තිබෙනවා.

ඊයේ (04) පස්වරුවේ අශෝක ප්‍රියන්ත නියෝජ්‍ය ඇමතිවරයෙකු ලෙස දිවුරුම් දුන්නා.

නියෝජ්‍ය අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන් ආර්.ඩි. අශෝක ප්‍රියන්ත පුත්තලම දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට තේරීපත්වූ අයෙක් වනවා.

එම ප්‍රවෘත්තිය ප්‍රචාරය වීමත් සමග යතුරුපැදිවලින් පැමිණ ඇති කිහිප දෙනෙකු නාත්තන්ඩිය – මරද ප්‍රදේශයේ පිහිටි අශෝක ප්‍රියන්ත නියෝජ්‍ය ඇමතිවරයාගේ නිවස ඉදිරියට පැමිණ විරෝධය පළ කර තිබෙනවා. ඒ වන විට නියෝජ්‍ය ඇමතිවරයාගේ නිවසේ ආරක්ෂාවට සිට ඇත්තේ එක් පොලිස් නිලධාරියෙකු පමණයි.

බුද්ධි අංශ විසින් මේ බව වාර්තා කිරීමත් සමග අශෝක ප්‍රියන්තගේ නිවසට විශේෂ ආරක්ෂාවක් ලබා දීමට මාරවිල පොලීසිය කටයුතු කර තිබෙනවා. ඊට අමතරව අතිරේක ජංගම මුර සංචාරයක්ද එම ප්‍රදේශය තුළ ක්‍රියාත්මක කිරීමට මාරවිල පොලීසිය කටයුතු කර තිබෙනවා.