වෙසක් සමයට විකුණන්න ගෙනා අරක්කු මාට්‌ටු. (PHOTOS)

0
174

බලපත්‍රයක් නොමැතිව රජයේ අරක්කු බෝතල් 19 ක් ත්‍රීවීල් රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදී එක් සැකකරුවෙක් සමග ඊයේ (15) පස්වරුවේ ට පමණ මස්කෙළිය පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මස්කෙළිය පොලිස් වසමට අයත්, සාමිමලේ සිට ස්කාබ්‍රෝ කොටස බලා මෙම අරක්කු තොගය ප්‍රවාහනය කරමින් සිටියදී පොලීසියට ලද තෙරතුරක් මත වැටලීම සිදු කළ බව මස්කෙළිය පොලිස්ථානාධිපති පොලිස් පරීක්ෂක ටිරෝන් රත්තනායක මහතා පැවසුවා.

අරක්කු තොගය සමග සැකකරු හා ත්‍රීවීල් රථය අද (16) හැටන් මහේස්ත්‍රාත් අධිකරණය හමුවට පමුණුවන බව මස්කෙළිය පොලීසිය පැවසුවා.

මස්කෙළිය පොලිස්ථානාධිපති පොලිස් පරීක්ෂක ටිරෝන් රත්නායක මහතාගේ උපදෙස් මත පොලිස් කොස්තාපල්වරුන් වන අපොන්සු (81032), රාමනාදන් (89032) හා නිත්‍යරාජ් (36605) යන නිලධාරීහූ මෙම වැටලීමට සහභාගී වුණා.