පලාලි හා පලෙයි යුද හමුදා මාර්ග බාධක ඉවත් කරයි.

පලාලි සහ පලෙයි පොලිස් වසම්වල අද (15) දින උදෑසන සිට යුධ හමුදාවෙන් යොදවන ලද මාර්ග බාධක කිහිපයක් ඉවත් කිරිමට අවශ්‍ය පියවර ගත් බව පොලිසිය සදහන් කර සිටිනවා.

හෙට දින ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිතව තිබියදී මැතිවරණ කොමිෂන් සභාවේ අනුමැතියකින් තොරව මෙලෙස යුධ හමුදාව විසින් මාර්ග බාධක යෙදවීම නීත්‍යාණූකූල නොවන බැවින් යුධ හුමදා නිලධාරීන් වෙත ඒ පිළිබඳව පොලීසිය විසින් දැනුම් දුන් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය කලේ.

එලෙස පොලීසියේ දැනුම්දීම මත යුධ හමුදාව විසින් මෙම යුධ හමුදා මාර්ග බාධක සියල්ල ඉවත් කර ගැනිමට අවශ්‍ය කටයුතු කර ඇති බව පොලිසිය සදහන් කර සිටියි.

තහවුරු කරන ලද , විශ්වසනීය 💯 සියලු උණුසුම් පුවත් 📰 නොමිලේම 🆓 එසැනින් ඔබේ දුරකථනයට ලබා ගැනීමට මෙම Link එක Click කරන්න