යුද හමුදාපතිගේ ධූර කාලය අදින් අවසන් වෙයි.

යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතාගේ ධුර කාලය අදින් (18) අවසන්.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මහේෂ් සේනානායක මහතා 2017 වසරේ ජුනි මස 27 වැනිදා මෙරට 22 වන යුද හමුදාපතිවරයා ලෙස පත් කරනු ලැබුවා.

මීට පෙර ජනාධිපතිවරයා විසින් මහේෂ් සේනානායක මහතාට සේවා දිගුවක් ලබාදී තිබූ අතර එම ධුර කාලය අදින් අවසන්වී වෙනවා.

කෙසේ නමුත් ඔහුට යළි සේවා දිගුවක් සම්බන්ධයෙන් මෙතෙක් දැනුම් දීමක් සිදු කර නොමැති බවයි යුද හමුදා මූලස්ථානය සඳහන් කළේ.

මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා, මේජර් ජනරාල් කුමුදු පෙරේරා සහ මේජර් ජනරාල් සත්‍යප්‍රිය ලියනගේ යන මහත්වරුන් යුද හමුදාවේ මේ වන විට සිටින සෙසු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් වෙනවා.