බේරුවලින් ගිනි අවි සහ යුද හමුදා කැළෑ ඇඳුම් තොගයක් සොයාගනී.

බේරුවල නගරයේ කසළ ගොඩක් අසළ බෑගයක තිබී බෝර -12 ගිනි අවිවලට යොදන ජීව උණ්ඩ 5 ක් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් සොයාගෙන තිබෙනවා.

පොලිසිය හා විශේෂ කාර්ය බළකා නිලධාරීන් එක්ව බේරුවල නගර සීමාවේ වෙළඳසැල් හා අවට කළ සෝදිසියකදී මෙම ජීව පතුරොම් සොයාගෙන ඇති අතර සැකපිට වෙළඳසැල් දෙකෙහි හිමිකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගැනුණා.

එමෙන්ම බේරුවල පොදු වෙළඳපල සහ අවට සිදුකළ සෝදිසි මෙහෙයුමකදී පුද්ගලයන් පස්දෙනෙකු සමඟ යුද හමුදා කැළෑ ඇඳුම් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් විශේෂ කාර්ය බලකායේ අලුත්ගම කඳවුරේ නිලධාරීන් සහ බේරුවල පොලිසිය එක්ව කළ මෙහෙයුමකදී මොවුන් අත්අඩංගුවට ගැනුණා.

මෙහිදී කැමා බැනියම් 6ක්, දිග කලිසම් 2ක්, ටී ෂර්ට් 6ක්, කොට කලිසම් 6ක් සහ කුඩා කලිසම් 24ක් සොයාගත් අතර අත්අඩංගුවට ගත් පුද්ගලයන් පස්දෙනා අතර අනන්‍යතාවය සනාථ කරගත නොහැකි වූ පුද්ගලයන් තිදෙනෙක්ද සිටින බව පොලිසිය සඳහන් කළා.