IMFණය මු‍ද‍ලේ පස්වන වාරිකය නිදහස් කිරීමට අනුමැතිය.

0
40

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබා දෙන ණය මුදලේ පස්වන වාරිකය නිදහස් කිරීමට අනුමැතිය හිමිව තිබෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් ඊයේ(13) දිනයේ දී අදාළ අනුමැතිය ලබා දී ඇති බව වාර්තා වෙනවා.

ඒ අනුව අවසන් වාරිකය වශයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 164යි දශම එකක මුදලක් ශ්‍රී ලංකාවට ලබා දීමට නියමිතයි.

තුන් අවුරුදු ව්‍යාපෘතියක් යටතේ 2016 වසරේ ජුනි මස 03 වන දින ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් අමෙරිකානු ඩොලර් බිලියන එකයි දශම පහක මුදලක් ලබා දීමට එකඟතාව පල කරනු ලැබුවා.

අදාළ ව්‍යාපෘතියේ අවසන් වාරිකය පසුගිය වසරේ නොවැම්බර් මාසයේ ලබාදීමට නියමිතව තිබුණ ද ශ්‍රී ලංකාවේ පැවති දේශපාලන අර්බුදය හේතුවෙන් එය තාවකාලිකව අත්හිටවා තිබෙනවා.

කෙසේ වෙතත් පසුගිය ජනවාරි මාසයේ මෙරට බලධාරීන් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් අතර පැවති සාකච්ඡාවලින් පසුව අදාළ ණය වාරිකය ලබාදීමට එකඟතාව පල කළා.

එම ණය වැඩසටහන වසරකින් දීර්ඝ කිරීමට ද ජාත්‍යන්තර මුල්‍ය අරමුදල එකඟ වු අතර ඊයේ දිනයේ රැස්වූ විධායක මණ්ඩලය ලබන වසරේ ජුනි 02 වන දින දක්වා එම කාලය දීර්ඝ කිරීමට එකගතාව පල කර තිබෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩල රැස්වීමෙන් අනතුරුව එහි නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ සහ වැඩබලන සහභාපති මිට්සුහිරෝ ෆුරුසාවා මහතා ප්‍රකාශ කර ඇත්තේ මෑත දී එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයට සහ ජනතාවට සිය ශෝකය පල කරන බවයි.

ශ්‍රී ලංකා බලධාරීන් 2019 වසරේ අයවැය මඟින් විදෙස් සංචිත ගොඩනැගීම මගින් රාජ්‍ය මුල්‍ය ඒකාබද්ධතාව වැඩිකිරීම, විනිමය අනුපාතිකයේ නම්‍යශීලිභාවය ඇති කිරීම යන කරුණු පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සිය සතුට පල කරන බව ෆුරුසාවා මහතා පවසනවා.

එමෙන්ම ශ්‍රී ලංකන් එයාර් ලයින් ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලැස්ම ක්‍රියාත්මක කිරීම සහ බලශක්ති මිල නියම කිරීමේ ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නැංවීම ඇතුළු කරුණු පිළිබදව අවධානය යොමුකළ යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙන්වා දෙනවා.

ඉන්ධන මිල සූත්‍රය ක්‍රියාත්මක කිරීම ශ්‍රී ලංකා රජය අත්පත් කරගෙන ඇති වැදගත් ප්‍රගතියක් බවත් ශ්‍රී ලංකා රජය ගෙන යන වැඩපිළිවෙලට සහය දැක්වීමක් වශයෙන් සිය ණය වාරිකය ලබාදීමට තීරණය කර ඇති බවත් මිට්සුහිරෝ ෆුරුසාවා මහතා වැඩිදුරටත් පෙන්වා දී තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here