> ## Content Index
> Fetch the complete content index at: https://www.citizen.lk/llms.txt
> Use this file to discover other available public pages before exploring further.

# 2026 උ.පෙළ විභාගය සඳහා අයදුම්පත් කැඳවීම අද (24) සිට
- URL: https://www.citizen.lk/applications-for-the-2026-a-l-examination-will-be-called-from-today-24/
- Published: 2026-03-24T11:57:54.000Z
- Updated: 2026-03-24T11:58:15.000Z
- Author: Deepali Jayasundara
- Tags: දෙස්

March 24 (Citizen.lk News) - අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ 2026 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා අයදුම්පත් කැඳවීම අද (24) සිට අප්‍රේල් 24 දින දක්වා මාර්ගගත ක්‍රමය මඟින් සිදු කරන බවයි.

ඒ අනුව, සියලු අයදුම්කරුවන් [www.doenets.lk](http://www.doenets.lk/?ref=citizen.lk) සහ [www.onlineexams.gov.lk/eic](http://www.onlineexams.gov.lk/eic?ref=citizen.lk) යන නිල වෙබ් අඩවි වෙත පිවිස, ලබාදී ඇති උපදෙස් අනුව නිවැරදිව අයදුම්පත් ඉදිරිපත් කළ යුතුය.

 රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල සිසුන්, තම පාසලේ විදුහල්පති මගින් අයදුම්පත් යොමු කළ යුතු අතර, පෞද්ගලික අයදුම්කරුවන් තම ජාතික හැඳුනුම්පත් අංකය භාවිත කරමින් තනිවම අයදුම්පත් යොමු කළ යුතු බවත් අයදුම්පත් භාරගැනීමේ අවසාන දිනය දිගු නොකරන බැවින්, නියමිත කාලය තුළ අයදුම් කිරීම සඳහා කටයුතු කරන ලෙසද වැඩිදුරටත් ඉල්ලා සිටී.

වැඩිදුර විමසීම් සඳහා 1911 හෝ 0112785922, 0112784537, 0112786616, 0112784208 යන දුරකථන අංක හරහා හෝ [gcealexam@gmail.com](http://gcealexam@gmail.com/?ref=citizen.lk) වෙත විද්‍යුත් තැපැල් මඟින් සම්බන්ධ විය හැකි බව තවදුරටත් සඳහන් කර තිබෙනවා.