> ## Content Index
> Fetch the complete content index at: https://www.citizen.lk/llms.txt
> Use this file to discover other available public pages before exploring further.

# අන්තර්ජාල ආරක්ෂණ පනත සංශෝධනය කිරීමට පියවර — ජනපති
- URL: https://www.citizen.lk/antrjaal-aarkssnn-pnt-snshoodhny-kiriimtt-piyvr-jnpti/
- Published: 2026-06-26T05:57:00.000Z
- Updated: 2026-06-26T05:57:00.000Z
- Author: Deepali Jayasundara
- Tags: දෙස්

June 26 (Citizen News) - වත්මන් මාර්ගගත ආරක්ෂණ පනත ක්‍රියාත්මක කිරීමට රජයට කිසිදු අදහසක් නොමැති බවත්, ඒ වෙනුවට සංශෝධිත පනත් කෙටුම්පතක් සකස් කරමින් සිටින බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබෙනවා.

මත්ද්‍රව්‍ය උවදුර සහ සංවිධානාත්මක අපරාධ මැඩපැවැත්වීම පිළිබඳ කල් තැබීමේ විවාදයේදී අදහස් දක්වමින් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ අන්තර්ජාල ආරක්ෂණ පනත මුලින් හඳුන්වා දුන් විටත් රජය ඊට විරුද්ධ වූ බවත්, එම පනතේ සැලකිය යුතු මට්ටමින් නව වෙනස්කම් සිදුකළ කළ යුතු බවයි.

ඒ අනුව යෝජිත සංශෝධන මගින් මූලික අයිතිවාසිකම්, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදී නිදහස ආරක්ෂා වන බවත්, ජනතාවගේ අයිතිවාසිකම්වලට හානි කළ හැකි නීති අහෝසි කිරීමට හෝ ප්‍රතිසංස්කරණය කිරීමට රජය කැපවී සිටින බවත් ජනාධිපතිවරයා එහිදී අවධාරණය කළේය.