ප්‍රතිත්‍රස්ත පනත පාර්ලිමේන්තුවට ගෙන එන්න කැබිනට් අනුමැතිය

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කර නව ප්‍රතිත්‍රස්ත පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සදහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

තිලක් මාරපන, පාඨලී චම්පික රණවක සහ තලතා අතුකෝරල යන ඇමතිවරුන් විසින් ඉදිරිපත් කරන ලද කරුණූ ඇතුළත් කරමින් මෙම කෙටුම්පත සකස් කර ඇත.

පසුගිය අප්‍රේල් මස 21 වැනිදා එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් පසුව ඇති වූ තත්ත්වයෙන් ඉන්දියාව, බ්‍රිතාන්‍ය ඇතුළු රටවල ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත් ආදියත් සැලකිල්ලට ගෙන මෙම නව කෙටුම්පත සකස් කර තිබෙනවා.

අන්තර්ජාලය හරහා කෙරෙන ත්‍රස්තවාදී කටයුතු ආදිය සම්බන්ධයෙන් ද මෙම නව ප්‍රති ත්‍රස්ත කෙටුම්පත හරහා වැඩි අවධානයක් යොමුකර ඇති බවයි රජයේ ආරංච් මාර්ග සදහන් කරන්නේ.

එමෙන්ම පාර්ශව කීපයක් චෝදනා කළේ රජය විසින් සිවිල් අයිතිවාසිකම් මර්ධනය සඳහා වන ප්‍රතිපාදන වලට වැඩි අවධානයක් දෙමින් මෙම ප්‍රතිත්‍රස්ත පනත සකස් කර ඇති බවයි. එමෙන්ම දැනට පවතින ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රමාණවත් බවද ඔවුන් අවධාරණය කරනවා.

තහවුරු කරන ලද , විශ්වසනීය 💯 සියලු උණුසුම් පුවත් 📰 නොමිලේම 🆓 එසැනින් ඔබේ දුරකථනයට ලබා ගැනීමට මෙම Link එක Click කරන්න