මාලිංගගෙන් තවත් වාර්තා දෙකක්

විස්සයි විස්ස ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ කඩුළු ත්‍රිත්වයක් දෙවරක්
ලබාගත් පළමු ක්‍රීඩකයා බවට ලසිත් මාලිංග අද පත්වුණා.

ඊට අමතරව මාලිංග ඉතිහාසගතවන්නේ විස්සයි විස්ස හා එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ පන්දු 4 කදී කඩුලු 4 ක් දවාගත් පළමු පන්දු යවන්නා ලෙසයි.

ඔහු මේ දස්කම් දැක්වුයේ නවසීලන්තය හා ශ්‍රී ලංකාව අතර පැවති 20-20 තෙවන තරඟයේ පිට පිට පන්දු 4 කදී කඩුලු 4 ක් දවාගනිමින්.