මෝදීගේ පක්ෂයේ තවත් ප්‍රබලයෙක් අභාවප්‍රාප්ත වෙයි.

නරේන්ද්‍ර මෝදි රජයේ හිටපු අමාත්‍යවරයෙකු සහ ඉන්දීය භාරතීය ජනතා පක්ෂයේ ප්‍රබලයෙකු වන අරුන් ජෙයිට්ලි අද අභාවප්‍රාප්ත වුණා.

66 හැවිරිදි ඔහු දිල්ලි නුවර සමස්ත ඉන්දීය වෛද්‍ය විද්‍යා රෝහලේදී මියගිය බවයි රජය නිවේදනය කළේ.

හිටපු අමාත්‍යවරියක වන සුෂ්මා ස්වරාජ්ගෙන් පසු මේ මාසය තුළ මෝදි රජයට අහිමි වූ දෙවන ප්‍රබලයා වන අරුන් ජෙයිට්ලි, පසුගිය මහ මැතිවරණයෙන් අනතුරුව අමාත්‍ය ධුරයක් භාර ගත්තේ නැහැ.

ඒ සිය සෞඛ්‍ය තත්ත්වය පිළිබදව කරුණු දක්වමින්.

තහවුරු කරන ලද , විශ්වසනීය 💯 සියලු උණුසුම් පුවත් 📰 නොමිලේම 🆓 එසැනින් ඔබේ දුරකථනයට ලබා ගැනීමට මෙම Link එක Click කරන්න