> ## Content Index
> Fetch the complete content index at: https://www.citizen.lk/llms.txt
> Use this file to discover other available public pages before exploring further.

# රතු නිවේදන සහිත සංවිධානාත්මක අපරාධකරුවෙක්  රැගෙන එයි
- URL: https://www.citizen.lk/an-organized-criminal-with-red-notices-is-brought-in/
- Published: 2026-01-25T14:25:28.000Z
- Updated: 2026-01-25T14:25:55.000Z
- Author: Deepali Jayasundara
- Tags: දෙස්

January 25 (Citizen.lk News) -රතු නිවේදන නිකුත් කර තිබූ, සැඟව සිටි සංවිධානාත්මක අපරාධකරුවෙකු ඉන්දියාවේ සිට මෙරටට රැගෙන විත් තිබෙනවා.

අවුරුදු 34 ක් වූ කෙසෙල්වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන සැකකරු රැගෙන ඒමෙන් පසු කටුනායක ගුවන් තොටුපොළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් සිය භාරයට විමර්ශන සඳහා කෙසෙල්වත්ත පොලිසිය වෙත භාර දී තිබෙනවා.

සැකකරුට එරෙහිව මනුෂ්‍ය ඝාතන, කොල්ලකෑම් සහ මත්ද්‍රව්‍ය සන්තකයේ තබා ගැනීම පිළිබඳ ව චෝදනා එල්ල වී ඇති බවයි පොලිසිය වාර්තා කරන්නේ.