> ## Content Index
> Fetch the complete content index at: https://www.citizen.lk/llms.txt
> Use this file to discover other available public pages before exploring further.

# මතින් මිදුණු තරුණ පරපුරට පෞද්ගලික අංශයේ ස්ථීර රැකියා අවස්ථා
- URL: https://www.citizen.lk/an-opportunity-for-rehabilitated-youth-to-replace-400-000-foreign-labor-vacancies/
- Published: 2026-07-01T14:19:37.000Z
- Updated: 2026-07-01T14:23:12.000Z
- Author: Deepali Jayasundara
- Tags: දෙස්

​July 01 (Citizen News) - මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වී, ඉන් පූර්ණ ලෙස පුනරුත්ථාපනය වූ තරුණ තරුණියන් වෘත්තීමය ශ්‍රමිකයන් ලෙස පෞද්ගලික අංශයේ ස්ථීර රැකියා සඳහා යොමු කිරීමේ විශේෂ ඒකාබද්ධ වැඩසටහනක් කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය අද (30) නිල වශයෙන් ආරම්භ කර තිබෙනවා.

​ඒ අනුව මේ වනවිට දේශීය කර්මාන්ත ක්ෂේත්‍රයේ (ඉදිකිරීම්, ටයිල්, පාවහන්, සම්භාණ්ඩ, ඔටෝ මොබයිල් ඇතුළු) පවතින ලක්ෂ හතරකට අධික රැකියා පුරප්පාඩු සඳහා විදේශීය ශ්‍රමිකයන් ගෙන්වනවා වෙනුවට, අපේම රටේ පුනරුත්ථාපනය වූ තරුණ ශ්‍රම බලකාය ක්‍රමවත් පුහුණුවක් යටතේ මේ සඳහා දායක කරගැනීම මෙම වැඩසටහනේ අරමුණ වනවා.

පුනරුත්ථාපනය කරන ලද තරුණ තරුණියන්ට ව්‍යුහගත වෘත්තීය පුහුණුවක් සහ රැකියා අවස්ථා ලබා දීමෙන්, විදේශීය ශ්‍රමය මත යැපීම වෙනුවට ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් යොදා ගනිමින් පවතින පුරප්පාඩු පිරවීමට මෙම වැඩසටහන අපේක්ෂා කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

මෙම මුලපිරීම ජාතික අන්තරායකර ඖෂධ පාලන මණ්ඩලය, පුනරුත්ථාපන කාර්යාංශය, තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන හා පුහුණු අංශය සහ කර්මාන්ත අමාත්‍යාංශය සමඟ ඒකාබද්ධව ක්‍රියාත්මක කෙරේ.