අද සිට වැසි සහ සුළං වල වැඩි වීමක්.

0
11

දිවයිනේ, නිරිත දිග කොටසේ වැසි සහ සුළං තත්වයේ වැඩිවීමක් ජූලි මස 16 වන දා සිට 19 වන දා දක්වා බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

වයඹ, බස්නාහිර සහ දකුණු වෙරළබඩ ප්‍රදේශවල විටින් විට පැයට කි.මී. 50 පමණ තරමක තද සුළං ද ඇති විය හැකියි.

බස්නාහිර, මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ට වැඩි තද වර්ෂාපතනයන් අපේක්ෂා කළ හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළා.