> ## Content Index
> Fetch the complete content index at: https://www.citizen.lk/llms.txt
> Use this file to discover other available public pages before exploring further.

# පැෆ්රල් සංවිධානයෙන් නිවේදනයක්
- URL: https://www.citizen.lk/an-announcement-from-the-paffrel-organization/
- Published: 2025-12-27T07:23:59.000Z
- Updated: 2025-12-27T07:23:59.000Z
- Author: Deepali Jayasundara
- Tags: දෙස්

නිදහස් හා සාධාරණ මැතිවරණ සඳහා වූ ජනතා ක්‍රියාමාර්ගය හෙවත් පැෆ්රල් සංවිධානය නිවේදනය කර තිබෙන්නේ 2026 වර්ෂය සඳහා ඡන්දදායක සංගණන කටයුතු 2026 පෙබරවාරි 01 වැනිදා ආරම්භ කිරීමට නියමිත බවයි.

නිවේදනයක් නිකුත් කරමින් එම සංවිධානය සඳහන් කරන්නේ පෙර වසරවල මෙන් සංගණන නිලධාරීන් සෑම නිවසකටම නොපැමිණෙන බවයි.

ඒ අනුව අලුතින් එකතු කරන ලද සහ ඉවත් කරන ලද නම් ඇතුළත් A සහ Aa ලැයිස්තු යාවත්කාලීන කිරීමට අදාළ නිවාස සඳහා පමණක් ඔවුන් සංචාරය කරනු ලබන බවයි සඳහන් වන්නේ.