TNA මන්ත්‍රිවරුන් කොළඹදී රැස්වෙයි

එළඹෙන ජනාධිපතිවරණයේදී සහය ලබාදෙන අපේක්ෂකයා කවුරුන්ද යන්න ඉදිරි දින කිහිපයේදී සාකච්ඡා කර තීරණයක් ගන්නා බව දෙමළ ජාතික සන්ධානය පවසනවා.

එම සන්ධානයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර චාල්ස් නිර්මලනාදන් නෙත් නිවුස් වෙත පැවසුවේ උතුරේ ජනතාව ද මෙවර ජනාධිපතිවරණයේදී සිය ස්ථාවරය සම්බන්ධයෙන් විමසීම්  සිදු කර ඇති බවයි. 

ලබන 23 සහ 24 වැනිදා දෙමළ ජාතික සන්ධානයේ සියලූ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් කොළඹට පැමිණීමට නියමිත අතර එහිදී මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගන්නා බවයි චාල්ස් නිර්මලනාදන් මන්තී‍්‍රවරයා පැවසුවේ. 

උතුරේ ගැටලූවලට ස්ථිර විසඳුම් ලබාදිය හැකි අපේක්ෂකයෙකුට මෙවර ජනාධිපතිවරණයේදී සහය ලබාදීමට දෙමළ ජාතික සන්ධානයේ මන්තී‍්‍රවරුන් එකඟතාව පළ කර ඇති බව ද චාල්ස් නිර්මලනාදන් මන්තී‍්‍රවරයා වැඩිදුරටත් සඳහන් කළා. 

තහවුරු කරන ලද , විශ්වසනීය 💯 සියලු උණුසුම් පුවත් 📰 නොමිලේම 🆓 එසැනින් ඔබේ දුරකථනයට ලබා ගැනීමට මෙම Link එක Click කරන්න