අකිල ධනංජයගේ ක්‍රිකට් යළි තහනම් වන ලකුණු.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජයට පන්දු යැවීම පිලිබඳ තහනමක් පැනවීමේ අවධානමක් මතුව තිබෙනවා.

එලෙස අවධානමක් ඇති වී තිබෙන්නේ ජගත් ක්‍රිකට් කවුන්සලය පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත බවට චෝදනා එල්ල කිරීම නිසයි.

කෙසේවෙතත් දින 14 ක් තුළ දී ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව පිළිබද පරීක්ෂණයෙන් අසමත් වුවහොත් අකිල ධනංජය හට වසරක පන්දු යැවීමේ තහනමක් පනවනු ඇති.

ඒ, පළමු වරට ඔහු පන්දු යැවීමේ තහනමකට ලක් වී වසර දෙකක කාලයක් තුළ දී යළිත් වරක් එම චෝදනාවට ඔහු වරදකරු වන බැවින්.

තහවුරු කරන ලද , විශ්වසනීය 💯 සියලු උණුසුම් පුවත් 📰 නොමිලේම 🆓 එසැනින් ඔබේ දුරකථනයට ලබා ගැනීමට මෙම Link එක Click කරන්න