එයාටෙල් ආයතනය මඟින් දිවයිනේ වේගවත්ම සහ අද්විතීයම නවක වේග පන්දු යවන්නන් සොයා ආරම්භ කළ ‘Airtel Fastest 2019’ වැඩසටහනේ ජයග්‍රාහකයා බවට එෂාන් මාලිංග පත්වුණා. රත්නපුර සිරිසීවලි මධ්‍ය මහා විද්‍යාලයේ ශිෂ්‍යයෙකු වන ඔහු මෙම තරඟයේදී පැයට කිලෝමීටර් 133 ක වේගයකින් පන්දු යවමින් එම ජයග්‍රහණය තමන් සතු කරගෙන තිබුණා.
“මම මුලින්ම ක්‍රිකට් පටන් ගත්තේ සැහැල්ලු පන්දු ක්‍රිකට් වලින්. ක්‍රිකට් ක්‍රීඩාව ගැන මගේ සෑහෙන උනන්දුවක් තිබුණා. ඒ නිසා මට හැමවිටම ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදෙන්න අවස්ථාවන් ලැබුණා. දිස්ත්‍රික්කයේ සංගමය හරහා මට ක්‍රීඩා සමාජයක ස්ථානයක් ලැබුණා. එතැනදි තමයි මම මුල් වරට ලෙදර් පන්දුවෙන් ක්‍රීඩා කළේ” යැයි මතකය අවදි කරමින් එෂාන් පැවසුවා.
එෂාන් මාලිංගගේ ‘Airtel Fastest 2019’ හි මූලික වටයේ පන්දු යැවීමේ වේගය සටහන් වූයේ පැයට කිලොමීටර් 127 ක් ලෙසයි. නමුත් ප්‍රවීන වේගපන්දු පුහුණුකරු අනූෂ සමරනායක විසින් පැවැත්වූ වේග පන්දු යැවීම පිළිබඳ තාක්ෂණික සැසිවාර කිහිපයකට සහභාගී වීමෙන් අනතුරුව එෂාන්ගේ පන්දු යැවීමේ තාක්ෂණයේ සේම වේගයේද යම් සුවිශේෂී වෙනසක් දක්නට ලැබුණා.
.
“අනූෂ සර් මගේ පන්දු යැවීමේ තාක්ෂණික අඩුපාඩු පෙන්වා දුන්නා විතරක් නෙමෙයි, පන්දුවේ වේගය වැඩි කරන්නේ කොහොමද කියලත් කියලා දුන්නා. ඔහු කියපු ආකාරයටම මම පුහුණුවීම් වල නිරත වුණා. එහි ප්‍රථිපලයක් හැටියට හැටියට පැයට කිලෝමීටර් 133 ක් දක්වා පන්දුවේ වේගය වැඩිකරගෙන දෙවැනි වටයට යන්න මට අවස්ථාව උදා වුණා’ යි එෂාන් වැඩිදුරටත් පවසා සිටිනවා.”
එම ගුරුහරුකම් මධ්‍යයේ සිය දක්ෂතා වැඩිදියුණු කර ගත් එෂාන් ශ්‍රී ලංකාවේ විශිෂ්ට පන්දු යවන්නෙක් වන චමින්ද වාස්ගේ මග පෙන්වීම යටතේ ‘Airtel Fastest 2019’ දෙවැනි වටය සඳහා සුදුසුකම් ලබන්නේ ඒ අයුරින්.
“චමින්ද වාස්ව රූපවාහිනියේ දැකලා තියෙනවා. ඔහුව හමුවුණ පළමු අවස්ථාව මේක. ඔහුගෙන් ලද පුහුණුවීම් මගේ දක්ෂතා තවදුරත් වර්ධනය කර ගන්න මට මහත් රුකුලක් වුණා. ඔහු සමග කළ සෑම පුහුණු සැසියක් පිළිබඳවම විඩියොදර්ශන මගින් නැවත නැවතත් විශ්ලේෂණය කරා. ඒක අපේ වැරදි නිවැරදි කර ගැනීමට සහ අපේ දක්ෂතා තවදුරටත් වැඩි දිදියුණු කරගැනීමට අතිශයින්ම උපකාරී වුණා.” යැයි සිය අත්දැකීම් සිහිපත් කරන කරන එෂාන් පවසනවා.
ජ්‍යෙෂ්ඨ පාසලේ ශිෂ්‍යයෙකු වශයෙන් අධ්‍යාපනය සහ ක්‍රීඩාව සමබරව කරගෙන යාම එතරම් පහසු කාරණයක් නොවෙයි. එය දැඩි අභියෝගයක්. රත්නපුර වැනී ප්‍රදේශයක සිට කොළඹට පැමිණීමේදී ජීවිතයේ තවත් අභියෝග රාශියකට මුහුණපෑමට සිදු වූ බව කියන එෂාන්,
“මේක පහසුවෙන් ආ ගමනක් නොවෙයි. මගේ ජිවිතයේ බොහෝ බාධාවන් මට තියෙනවා. විශේෂයෙන් ආර්ථික බාධාවන්. එත් මගේ දෙමාපියන් ඒ දුෂ්කරතාවයන් සියල්ල විඳ දරාගෙන මේ තරඟය සඳහා එන්න අවශ්‍ය දේවල් මට දුන්නා. ඔවුන්ගේ සහයෝගය මේ තරඟය තුළ ඉදිරියටම එන්න බෙහෙවින් ඉවහල් වුණා.මට තියෙන අනෙක් අභියෝගය තමයි ක්‍රීඩාව වගේම අධ්‍යාපන කටයුතු සමබරව කිරීම. මට අතපසු වූ පාඩම් ආදිය ආවරණය කරගන්න උදව් කරන ගුරුවරුන්ට සහ මගේ යහළුවන්ට ස්තුති කරන්න මේක අවස්ථාවක් කර ගන්නවා” යි පැවසුවා.
ලංකාව පුරා විසිරී සිටින සෑම ක්රීඩකයෙකුගේම බලාපොරොත්තුව ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කිරීමයි. එෂාන්ටද ඇත්තේ එවැනිම සිහිනයක්.
“මගේ අනාගත සැලසුම වී තිබෙන්නේ මගේ රට නියෝජනය කරන්න. ‘Airtel Fastest 2019’ ඒ සඳහා මට හොඳ වේදිකාවක් තනා දුන්නා. හොඳම පුහුණුකරුවන් සහ ක්‍රීඩකයින්ගෙන් මම එහිදී ඉගෙන ගත්තා. ඒ අතරින් වේග පන්දු පුහුණුකරුවන් වූ අනූෂ සමරනායක සහ චමින්ද වාස් යන පුහුණුකරුවන්ගෙන් ලැබුණු ගුරුහරුකම් අති මහත්” යැයි පැවසුවා.
මෙම ජයග්‍රහණය ලබා ගැනීමේදී පවුලේ උදවිය, මිතුරන් සහ ඔහුට සුභපැතූ සියළු දෙනා වෙනුවෙන් එෂාන් සිය කෘතඥතාව පළකර සිටියනවා. සිය අධ්‍යයන කටයුතු අවසන් කිරීමෙන් පසුව දේශීය ක්‍රිකට් දිවියට පය තැබීම ඔහුගේ එකම අරමුණයි. එය ජාතික කණ්ඩායම කරා පැමිණෙන ගමනේ පළමු පියවර වශයෙන් සටහන් වනු නොඅනුමානයි.
තහවුරු කරන ලද , විශ්වසනීය 💯 සියලු උණුසුම් පුවත් 📰 නොමිලේම 🆓 එසැනින් ඔබේ දුරකථනයට ලබා ගැනීමට මෙම Link එක Click කරන්න