අදත් ශ්‍රී ලංකාවේ වායුගෝලයේ අංශු ප්‍රමාණය ඉහළ අගයකට

කොළඹ නගරයේ වායුගෝලයේ දූවිලි අංශු ප්‍රමාණය අද යළිත් ඉහළ ගොස් ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

එහි විද්‍යාඥ සරත් ප්‍රේමසිරි මහතා සඳහන් කළේ, කොළඹ වායුගෝලයේ ගුණාත්මක දර්ශකයේ අගය ඒකක 100 වැඩි අගයක පවතින බවයි.

ඒ පිළිබඳ ශ්වසන රෝගීන් සහ කුඩා දරුවන් විමසිලිමත් විය යුතු බව ඔහු පැවසුවේ ය.

ඉන්දියාවේ නව දිල්ලි නුවර වායු දුෂණයේ ප්‍රතිඵලයක් ලෙස කොළඹ වායුගෝලයේ දූවිලි අංශු ප්‍රමාණය එලෙස ඉහළ ගොස් තිබේ.

පවතින සුළං ප්‍රවාහය ඊට හේතුවී ඇති බව සඳහන් ය. කෙසේ වෙතත් මෙම ලිපිය වෙබ් අඩවිය වෙත එක් කරන මොහොත වන විට කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලයේ පිහිටුවා ඇති වායු දුෂණ මැනුම් වලට අනුව එම අගය ඒකක 68 වශයෙන් දැක්විණි. කෙසේ නමුත් පසුගිය දින 5 ඇතුලත කොළඹින් වාර්තා වූ වැඩිම අගය අද උදෑසන වාර්තා වූ අතර එය ඒකක 149ක් ලෙස දැක්විණි.

තහවුරු කරන ලද , විශ්වසනීය 💯 සියලු උණුසුම් පුවත් 📰 නොමිලේම 🆓 එසැනින් ඔබේ දුරකථනයට ලබා ගැනීමට මෙම Link එක Click කරන්න