කඩාකප්පල්කාරීන් සොයා ගුවන් මෙහෙයුම් අරඹයි.

0
293

ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් මහජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමටත්, නීතිය හා සාමය සුරැකීම සඳහාත් ආරක්ෂක ක්‍රියාමාර්ග රැසක් දිවයින පුරා ක්‍රියාත්මක කරමින් පවතින බව ගුවන්හමුදා මාධය ප්‍රකාශක ගෲප් කැප්ටන් ගිහාන් සෙනෙවිරත්ත මහතා පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා වැඩිදුරටත් පවසා ඇත්තේ දෛනික රාජකාරියක් වශයෙන් ගුවන් හමුදාව මඟින් කොළඹ, කටුනායක, රත්මලාන යන ප්‍රධාන කොට්ඨාශ තුනෙහි සහ පාලවිය, සීගිරිය, මොරවැව, මීරිගම සහ දියතලාව යන උප කොට්ඨාශයන්හි පාසල් වල දරු දැරියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා භට පිරිස් යොදවා ඇති බවයි.

මේ අතර, කොළඹ ගුවන් හමුදා කඳවුර මගින් වැකන්ද වත්ත ප්‍රදේශයේ සහ වීනවරාය ගුවන් හමුදා විද්‍යාපීඨය මඟින් දැන්නියගම ප්‍රදේශයේ වටලා සෝදිසි කිරිමේ මෙහෙයුමක් ක්‍රියාත්මක කළ බවද එහි දැක්වෙනවා.

ජන ජීවිතය සාමාන්‍ය තත්ත්වයට පත්කිරීමට ආරක්ෂක අංශ මඟින් ගනු ලබන ක්‍රියාමාර්ගයන්ට විරුද්ධව අන්තවාදි න්‍යාය පත්‍රයන්ට අනුව සමහර පුද්ගලයින් විසින් කලහකාරී ක්‍රියාවන් නියැළෙන බවට දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වන බවද ගිහාන් සෙනවිරත්න මහතා සඳහන් කළා.

එවන් කඩාකප්පල්කාරි ක්‍රියා සිදු කරන්නන් සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සඳහා හෙලිකොප්ටර් යනා දිවා රාත්‍රී ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති බවද ඒ මහතා පැවසුවා.

ඒ ඔසේ වැරදිකරුවන්ට දඬුවම් ලබා දෙන බවද ඒ මහතා වැඩිදුරටත් පැවසුවා.