ඇෆ්ගනිස්තානයට තරඟාවලි ජයක්.

බටහිර ඉන්දීය කොදෙව්වන් සමඟ පැවති තුන්වන සහ අවසන් 20යි 20 තරඟයෙන් ලකුණු 29 ක ජයක් වාර්තා කිරීමට ඇෆ්ගනිස්තානය සමත්වුණා.

ඉන්දියාවේ ලක්නව්හි පැවති මෙම තරඟයේ කාසියේ වාසිය දිනා ගනිමින් පළමුව පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්තාන කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 156ක් ලබාගත්තා.

ජයග්‍රහණය සඳහා ලකුණු 157 ක ඉලක්කයක් හඹාගිය කොදෙව් ක්‍රීඩකයින්ට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී රැස් කර ගැනීමට හැකි වූයේ ලකුණු 127 ක් පමණයි.

තහවුරු කරන ලද , විශ්වසනීය 💯 සියලු උණුසුම් පුවත් 📰 නොමිලේම 🆓 එසැනින් ඔබේ දුරකථනයට ලබා ගැනීමට මෙම Link එක Click කරන්න