ශ්‍රී ලංකා පරිපාලන සේවය වැඩ වර්ජනයක

ශ්‍රී ලංකා පරිපාලන සේවයට අයත් සියලුම නිලධාරීන් අඛණ්ඩ වැඩවර්ජනයක් ආරම්භ කර තිබෙන බව එහි ලේකම් රෝහණ සිල්වා පවසනවා.

ඒ අනුව සියලුම දෙපාර්තමේන්තු ,සංස්ථා ,මණ්ඩල සහ ආයතන වල සේවයේ නිරත උසස් නිලධාරීන් සේවයට වාර්තා නොකරන බවයි ඔහු සදහන් කලේ.

වැටුප් විෂමතා ඇතුළු ඉල්ලීම කිහිපයක් සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශයේ නිරීක්ෂණ අමාත්‍ය මණ්ඩල අනුකමිටුවට ලබාදෙන බවට දුන් පොරොන්දුව 22 සවස් වනතුරුත් ලබා නොදීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි අප කල විමසිමකදී ඔහු වැඩිදුරටත් සදහන් කර සිටියේ.

තහවුරු කරන ලද , විශ්වසනීය 💯 සියලු උණුසුම් පුවත් 📰 නොමිලේම 🆓 එසැනින් ඔබේ දුරකථනයට ලබා ගැනීමට මෙම Link එක Click කරන්න