> ## Content Index
> Fetch the complete content index at: https://www.citizen.lk/llms.txt
> Use this file to discover other available public pages before exploring further.

# පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පීඨ 05 ක අධ්‍යයන කටයුතු ඇරඹේ
- URL: https://www.citizen.lk/academic-activities-commence-in-5-faculties-of-the-university-of-peradeniya/
- Published: 2025-12-22T09:12:17.000Z
- Updated: 2025-12-22T09:12:17.000Z
- Author: Deepali Jayasundara
- Tags: දෙස්

පැවති අයහපත් කාලගුණය හේතුවෙන් අධ්‍යයන කටයුතු තාවකාලිකව නතර කර තිබූ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පීඨ 05 ක අධ්‍යයන කටයුතු දෙසැම්බර් 29 වැනිදා යළි ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා.

එම විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ඩබ්ලිව්.එම්.ටී. මධුජිත් සඳහන් කරන්නේ ඒ අනුව දෙසැම්බර් 29 වැනිදා කෘෂිකර්ම පීඨය, පශු වෛද්‍ය පීඨය සහ දන්ත වෛද්‍ය පීඨයේ අධ්‍යන කටයුතු ආරම්භ කිරීමට නියමිත බවයි.

ජනවාරි 05 වැනිදා ශාස්ත්‍ර පීඨය හා විද්‍යා පීඨය ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවත්, ඉතිරිව ඇති කළමනාකරණ පීඨයේ එක් ගොඩනැගිල්ලක් අවදානම් තත්ත්වයක පවතින බවත්, ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමෙන් අනතුරුව තීරණයක් ගන්නා බව වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.