ISIS ත්‍රස්ත නායකයා වීඩියෝ නිකුත් කළ තැන හඳුනාගැනෙයි.

0
1652

ශ්‍රී ලංකාවේ පාස්කු ඉරිදා මරාගෙන මැරෙන ප්‍රහාරයක් පසු අයිඑස් නායක අබු බකර් අල් බග්දාදි වීයෝ පටය අධ්‍යයනය කළ බ්‍රිතාන්‍ය හමුදා ඒකකය ත්‍රස්ත නායකයා ලිබියාවේ සැඟව සිටින බව සොයාගෙන ඇතැයි වාර්තා වනවා.

බ්‍රිතාන්‍යයේ ද එක්ස්ප්‍රස් පුවත්පත ර්තා කර ඇත්තේ බ්‍රිතාන්‍ය රාජකීය ගුවන් හමුදාවට අයත් තරංග නිරීක්ෂණ ඒකකයක් විසින් අල් බග්දාදි සිටින ස්ථානය නිරීක්ෂණය කරමින් සිටින බවයි.

බ්‍රිතාන්‍ය, ඇමරිකානු හා ඉතාලි ගුවන් යානා දවස පුරාම අල් බග්දාදි සිටින තැනක් නිරීක්ෂණය කිරීමට ලිබියාවේ ගුවන් යානා යොදවා ඇති බවද විදෙස් වාර්තා වල දැක්වෙනවා.

අයිඑස් සටන්කාමීන්ට සිරියාවේ හිමිකරගෙන තිබූ භූමිය අහිමි වූ පසු මෙම ත්‍රස්ත නායකයා අවසන් වරට සිටි බාගෝස් නගරයෙන් නොදන්නා තැනකට පලාගොස් තිබුණා.

ඒ අනුව ‍ බ්‍රිතාන්‍ය හමුදා අංශ සැක කරන්නේ අල් බග්දාදිගේඅලුත්ම එක්වන බවට පත්ව ඇත්තේ ලිබියාවේ යම් නගරයක් බවයි.

ශ්‍රී ලංකාවේ ප්‍රහාරයෙන් පසුව ඔහු වීඩියෝවක් නිකුත් කරනු ලැබුවේ එම නගරයේ සිට බව විශ්වාස කෙරෙනවා.

ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියෙකු උපුටා දක්වමින් ද එක්ස්ප්‍රස් පුවත්පත වාර්තා කරන්නේ “ ඔහුට නිදහසේ ජීවත් විය නොහැකිය. ඔහු සිටින්නේ අප්‍රකට ව බවත් නිදහසේ ඇවිද ගිය නොහැකි බවක් අපි විශ්වාස කරමු’ එහෙත් ඔහු සහ ඔහුගේ පිරිස සොයා ගැනීම සඳහා අප සතුව ක්‍රම ගණනාවක් තිබේ.මෙවර ඔහු වැඩ වරද්දා ගනු ඇතැයි” යනුවෙන්.

කෙසේ වුවද අල්-බග්දාදිගේ හිස වෙනුවෙන් ඇමරිකානු ඩොලර් බිලියන 25ක යාගයක් ලබාදෙන බවද අමෙරිකානු රජය මේ වන විට නිවේදනය කර තිබෙනවා.

මේ අතර අයිඑස් සංවිධානය අභ්‍යන්තරිකව ගොඩනගනු ලැබුවේ බටහිර බුද්ධි අංශ විසින් බවට ද චෝදනාවක් තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here