පාසල් සිසුන් ගැන, යුනිසෙෆ් සංවිධානය අවධානයෙන්.

0
97

රජයේ පාසල්වල පළමු ශ්‍රේණියේ සිට 5 වන ශ්‍රේණිය දක්වා සිසුන්ගේ දෙවන අධ්‍යයන වාරය අද ආරම්භ වුවත් සිසුන්ගේ පැමිණීම අවම මට්ටමක පැවතුණා.

පාස්කු ඉරිදා සිදුවූ ප්‍රහාරයෙන් පසුව සියලූම රජයේ පාසල්වල දෙවන අධ්‍යයන වාරය ආරම්භ කිරීම කල් දැමුණු අතර, 6 වන ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණිය දක්වා වන සිසුන්ගේ දෙවන පාසල් වාරය පසුගිය සඳුදා ආරම්භ වුණා.

ඒ අනුව සියලු රජයේ පාසල්වල පළමු ශ්‍රේණියේ සිට 5 වන ශ්‍රේණිය දක්වා සිසුන්ගේ දෙවන පාසල් වාරය ආරම්භ වූයේ අද දිනයේදියි.

මේ හේතුවෙන් පාසල්වල ආරක්ෂාව සඳහා ඊයේ සිටම දෙමාපියන්ගේ ද සහභාගිත්වයෙන් ආරක්ෂක අංශ යොදවා තිබෙනු දක්නට ලැබුණා.

කෙසේ වෙතත්, දිවයින පුරා පාසල්වල විදුහල්පතිවරුන්, ගුරුවරුන් හා අනධ්‍යයන සේවකයින්ගේ පැමිණීම යහපත් මට්ටමක පැවතුණා.

මේ අතර, එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ ශ්‍රී ලංකා නියෝජිත ටිම් සට්න් අද අස්ගිරි පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමියන් බැහැ දුටුවා.

එහිදී පාසල්වලට ළමයින් නොපැමිණීම ඇතුළු කරුණු පිළිබදව සාකච්ඡා කළ බවයි ඔහු ඉන් අනතුරුව මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ.