විෂ ආඝ්‍රහණය වී දරුවන් 5 ක් අසාත්මිකතාවට පත් කළැයි කම්කරුවකු රිමාන්ඩ්.

කොළඹ කුරුදුවත්තේ පිහිනුම් තටාකයක් ඉදිකිරීමේ දී රසායනික ද්‍රව්‍ය මිශ්‍ර වීමෙන් විෂ ආඝ්‍රහණය වී දරුවන් පස්දෙනෙකු ආසාත්මිකතාවයකට පත්වූ බව කියන සිද්ධියකට අදාළව එහි කම්කරුවකු මැයි 27 තෙක් රක්ෂිත බන්ධානාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද(15) නියෝග කළා.

එම පිහිනුම් තටාකයේ කළමනාකාර අධ්‍යක්ෂකවරයා රුපියල් ලක්ෂ 3 බැගින් වූ ශරීර ඇප මත මුදාහරින ලෙස මහේස්ත්‍රාත්වරිය නියෝග කළා.

පෝද්දල පදිංචි වීරහම්බි ගුණදාස නමැත්තා මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

එහි කළමනාකාර අධ්‍යක්ෂකවරයා වූ බුද්ධි මනෝජ් චමින්ද අබේසිංහ නමැත්තා ඇප මත මුදා හැරුණා.

මෙම සිද්ධියට අදාළ පැමිණිලකාර වූ නීතිඥවරයා විසින් තම දියණිය ඉකුත් 12 දා පිහිනුම් තටාකයේ පැවති ජල නර්ථන ක්‍රීඩාවට ඉදිරිපත් කළ අතර පසුව ඇයට හුස්ම ගැනීමට අපහසුවීමෙන් කොළඹ ළමා රෝහලට ඇතුළත් කර ඇති බව පැමිණිලි කර තිබෙනවා.

මේ සිද්ධිට අදාළව තවත් දරුවන් දෙදෙනෙකු ද මේ වනවිට කොළඹ ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව පොලිසිය අධිකරණයට දැන්වූවා.