> ## Content Index
> Fetch the complete content index at: https://www.citizen.lk/llms.txt
> Use this file to discover other available public pages before exploring further.

# ඉන්දියාවේ සිට වැඩම කරවනු ලබන සර්වඥ ධාතූන් වහන්සේ ප්‍රදර්ශනයට රථ වාහන සැලැස්මක්
- URL: https://www.citizen.lk/a-traffic-plan-for-the-exhibition-of-the-sacred-relics-brought-from-india/
- Published: 2026-02-02T05:02:02.000Z
- Updated: 2026-02-02T05:03:11.000Z
- Author: Deepali Jayasundara
- Tags: දෙස්

February 02 (Citizen.lk News) - එළැඹෙන 04වනදා ඉන්දියාවේ සිට වැඩම කරවන සර්වඥ ධාතූන් වහන්සේ මහජනතාවට වන්දනාමාන කිරීම සඳහා 05වනදා උදෑසන 06.00 සිට 11වනදා පෙරවරු 07.00 දක්වා හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී ප්‍රදර්ශනය කිරීමට නියමිත වනවා.

ඒ අනුව එම කාල සීමාව තුල ගංගාරාම විහාරස්ථානය අවට ප්‍රදේශයේ විශේෂ ආරක්ෂක වැඩපිලිවෙලක් හා රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරනු ලබන බව පොලීසිය දැනුම් දී තිබෙනවා.

එසේම මෙම ශ්‍රී සර්වඥ ධාතූ ප්‍රදර්ශනය පැය 24 පුරාම ක්‍රියාත්මක වන බැවින් පැමිණෙන බැතිමතුන්ගේ අරක්ෂාව සඳහා ශ්‍රී ලංකා පොලීසිය ක්‍රියාත්මක කරනු ලබන ආරක්ෂක වැඩපිලිවෙලට පූර්ණ සහයෝගය ලබාදෙන ලෙසට පොලීසිය ඉල්ලීම් කරන අතර ගැටකපන්නන්, සොරුන් වැනි අපරාධකරුවන් එම ප්‍රදේශය ආශ්‍රිතව ගැවසිය හැකි බැවින් තම මුදල් පසුම්බි, රන් ආභරණ ඇතුළු පුද්ගලික දේපළ සම්බන්ධයෙන් අවධානයෙන් හා විමසිලිමත්ව කටයුතු කරන ලෙසත් ජංගම දුරකථන, ගමන් මළු, ජැකට් සහ විද්‍යුත් උපකරණ යන ආදිය සර්වඥ ධාතූ ප්‍රර්දර්ශන කුටිය තුලට රැගෙන නොයායුතු බවත් දැනුම් දී තිබෙනවා..

තවද රථවාහන ගාල් කිරීමට නියමිත ස්ථාන හා රථගාල් වල පමණක් නැවැත්වීම හා නවතා තැබීමට කටයුතු කරන ලෙස වැඩිදුරටත් දැනුම් දී තිබෙනවා.

මීට අදාළ මාර්ග සිතියම පහතින්,

![](https://www.citizen.lk/content/images/2026/02/1--1-.jpg)

![](https://www.citizen.lk/content/images/2026/02/2.jpg)

![](https://www.citizen.lk/content/images/2026/02/3.jpg)