බෝම්බයක් පුපුරන බවට ඇමතුමක් ලබාදුන් ජපුර සරසවියේ සිසුවෙක් මාට්ටු.

0
267

ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය තුළ හා ඉන් පිටත අද බෝම්බ පිපිරීම් මාලාවක් සිදුවන බවට එහි උපකුලපතිවරයාට නිර්නාමික දුරකතන ඇමතුමක් ලබාදුන් එම විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අවසන් වසරේ සිසුවෙක් ඊයේ(15) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ජපානයේ සංචාරයක නිරත උපකුලපතිවරයාගේ ජංගම දුරකතනයට නාඳුනන පුද්ගලයෙකු ඇමතුමක් ලබා දෙමින් එම විශ්ව විද්‍යාලය තුළ හා ඉන් පිටත බෝම්බ පිපිරීම් මාලාවක් සිදුවන බවට දුරකතන ඇමතුමක් ලබාදී ඇති බවට එම විශ්ව විද්‍යාලයේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා මිරිහාන පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව සැකකාර සිසුවා අත්අඩංගුවට ගැනුණා.

පැමිණිල්ල සමඟ ලබාදුන් දුරකතන අංකය පිළිබඳ නුගේගොඩ අධිකරණයට කරුණු වාර්තාකර අදාල දුරකතන සමාගමින් ලබාගත් ග්‍රාහක වාර්තාව ඔස්සේ සිදුකළ විමර්ශන වලින් තහවුරු කරගත් තොරතුරු අනුව සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිස් නිලධාරියෙක් සඳහන් කළා.

මෙම ව්‍යාජ ඇමතුම හේතුවෙන් විශ්ව විද්‍යාලය හා ඒ අවට විශේෂ ආරක්ෂාවක් යෙදවීමට සිදුවූ බවත් ව්‍යාජ ඇමතුම් ලබා දෙන්නන්ට එරෙහිව නීතිය උපරිම ලෙස ක්‍රියාත්මක කරන බවත් උසස් පොලිස් නිලධාරියෙක් පැවසුවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here