> ## Content Index
> Fetch the complete content index at: https://www.citizen.lk/llms.txt
> Use this file to discover other available public pages before exploring further.

# හදිසි ආපදා තත්ත්වයකදී සහාය වීමට ගුරුවරුන්ට විශේෂ මාර්ගෝපදේශ මාලාවක්
- URL: https://www.citizen.lk/a-special-set-of-guidelines-for-teachers-to-assist-in-an-emergency-disaster-situation/
- Published: 2026-01-29T07:56:17.000Z
- Updated: 2026-01-29T07:57:20.000Z
- Author: Deepali Jayasundara
- Tags: දෙස්

January 29 (Citizen.lk News) - ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය විසින් හදිසි ආපදා තත්ත්වයකදී ළමුන්ට සහාය වීම සඳහා ගුරුවරුන් වෙත මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබෙනවා.

පාසල් ළමුන් නිල ඇඳුම්, සපත්තු සහ වෙනත් පාසල් උපකරණ නොමැතිව පැමිණිය ද ළමුන් වෙනස් කොට නොසැලකීම, ළමුන් සඳහා සවන් දීම, පාසල තුළ ආරක්ෂාව හා රැකවරණය ලැබිය හැකි ස්ථානයක් බවට පත් කිරීම, ළමුන්ට අනාගතය පිළිබඳ සුබවාදී බලාපොරොත්තු ලබාදීම, ළමුන් සඳහා සහකම්පනයෙන් යුතුව ක්‍රියා කිරීම ආදිය කළ යුතු දේ ලෙස ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය නිකුත් කළ මාර්ගෝපදේශ මාලාවේ ඇතුළත් වන බවයි වාර්තා වන්නේ.