> ## Content Index
> Fetch the complete content index at: https://www.citizen.lk/llms.txt
> Use this file to discover other available public pages before exploring further.

# උත්සව සමය වෙනුවෙන් විශේෂ මෙහෙයුම් මැදිරියක්
- URL: https://www.citizen.lk/a-special-operations-room-for-the-festive-season/
- Published: 2025-12-22T08:10:50.000Z
- Updated: 2025-12-22T08:12:48.000Z
- Author: Deepali Jayasundara
- Tags: පුවත්

එළඹෙන උත්සව සමය තුළ මහජන ආරක්‍ෂාව සහ සාමය තහවුරු කිරීම සඳහා යුද හමුදා මූලස්ථානය කේන්ද්‍ර කර ගනිමින් මෙහෙයුම් මැදිරියක් ස්ථාපිත කිරීමට ආරක්‍ෂක ලේකම්වරයා උපදෙස් ලබා දී ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කර තිබෙනවා.

යාවත්කාලීන වන තොරතුරු හුවමාරුව ශක්තිමත් කිරීම, කාලෝචිත තීරණ ගැනීම සහ සියලුම ආරක්‍ෂක අංශවල මෙහෙයුම් සූදානම ඉහළ නැංවීම සඳහා මෙම පියවර ගෙන ඇති අතර, මෙම යාන්ත්‍රණය හරහා උත්සව සමය පුරා මහජන ජීවිත සුරක්‍ෂිත කිරීමටත්, රජයේ සහ පෞද්ගලික දේපළ ආරක්‍ෂා කිරීමටත් බලධාරීන්ට වඩාත් හොඳින් අවස්ථාව සැලසෙන බව වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.