ඕස්ට්‍රේලියාවෙන් ක්‍රිකට් වලට ස්මාර්ට් පන්දුවක්. (PHOTOS/VIDEO)

මයික්‍රෝ චිපයක් සහිත ‘ස්මාර්ට් ක්‍රිකට් පන්දුවක් ’ නිපදවීමට ඕස්ට්‍රේලියානු සමාගමකට හැකි වුණා.

මෙම පන්දුව මඟින් පන්දුව යවන වේගය , පන්දු යවන්නා විසින් එය මුදාහැරී ස්ථානය ,තණතිල්ල හැසිරෙන ආකාරය ,පන්දුව තණතිල්ල මත පතිතවීමට පෙර වේගය, පන්දුව තණතිල්ල මත පතිත වීමෙන් පසු වේගය, පන්දුවේ දෝලනය සහ පන්දුවේ ගමන් මාර්ගය සම්බන්ධයෙන් ක්ෂණික සහ නිවැරදි වාර්තාවක් ලබා ගැනීමට හැකියාව ලැබෙනවා.

වර්තමාන දඟ පන්දු යවන්නන්ගේ විප්ලවීය වෙනස්කම් සහ විනිසුරු තීරණ කොතරම් දුරට නිවැරදි ද යන්න හඳුනා ගැනීමට මේ ස්මාර්ට් පන්දුව පුළුවන්.

මෙම ස්මාර්ට් ක්‍රිකට් පන්දුව ප්‍රථම වරට අත්හදා බැලීමට සුදානම් වන්නේ ඕස්ට්‍රේලියානු බිග් බෑෂ් ලීග් 20 – 20 ක්‍රිකට් තරඟාවලිය සඳහා බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.