නිවසක් මතට ගුවන් යානයක් කඩා වැටෙයි.

ඇමරිකාවේ නිව්යෝක් ප්‍රාන්තයේ ඩචර්ස් කවුන්ටි ප්‍රදේශයේදී කුඩා වර්ගයේ ගුවන් යානයක් නිවසක් මතට කඩා වැටි තිබෙනවා.

එම අනතුරෙන් එක් පුද්ගලයෙකු මියගොස් තවත් කිහිපදෙනෙකු තුවාල සිදු වුණා.

නිව්යෝක් ප්‍රාන්ත පොලීසිය සඳහන් කරන්නේ යානය කඩා වැටුණු නිවසේ සිටි කාන්තාවක් බරපතල තුවාල ලබා ඇති බවයි.

මෙම යානය අනතුරට ලක්වු හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.