ජංගම දුරකථනයේ අන්තවාදී දර්ශන තබාගත් පුද්ගලයෙකුට දඩ.

0
84

ආගමික හැඟීම් කෙලෙසන සහ ද්වේෂසහගත ප්‍රකාශ අදහස් නිරූපණය වන දර්ශන ඇතුළත් ජංගම දුරකථනයක් සන්තකයේ තබාගැනීමේ චෝදනාවන්ට වරද පිළිගත් විත්තිකරුවකුට රුපියල් දස දහසක දඩයක් නියම කරනු ලැබුවා.

ඒ, මිනුවන්ගොඩ මහෙස්ත්‍රාත් කේසර සී.ඒ. සමරදිවාකර මහතා විසින්.

මෙසේ දඩ නියමවී ඇත්තේ මිනුවන්ගොඩ, ගල්ඔළුවේ පදිංචි 20 හැවිරිදි විත්තිකරුවකුටයි. ඉකුත් 21 වැනිදා මීගමුව, කටුවාපිටිය දේවස්ථානයේ බෝම්බ පිපිරීම්වලින් පසු දර්ශන සැකකරුගේ ජංගම දුරකථනයේ තිබියදී යුද හමුදා සහ පොලිස් නිලධාරීන් එක්ව කළ සෝදිසි මෙහෙයුමකදී සොයා ගෙන තිබූ බවත් එම දර්ශන නවීන තාක්ෂණය ඔස්සේ සැකකරුගේ ජංගම දුරකථනයට ලැබී ඇති බවට පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී ඇති බව අධිකරණයේදී සඳහන් වී තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here