අවුරුදු පහටම දවස් විස්සක් පාර්ලිමේන්තු ගියෝත් මන්ත්‍රීවරුන්ට විශ‍්‍රාම වැටුපක් – ලාල්කාන්ත

“සමහර අය කියනවා, දෙගොල්ලගෙන් එක කට්ටියක් හදාගමු කියලා. එහෙම හදාගන්න දෙයක් නැහැ. ඉවත් කරන්න විතරයි තියෙන්නේ. මම විශ‍්‍රාමික පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්. මට ලැබෙන විශ‍්‍රාම වැටුප අහෝසි කිරීම සඳහා ජනතාව ඉස්සරහා ප‍්‍රතිඥා දෙනවා. ජනතාවගේ ඡන්දයෙන් අවුරුදු 5ක් පාර්ලිමේන්තුවේ හිටියාම විශ‍්‍රාම වැටුපක් ලැබෙනවා. රජයේ සේවකයෙක් විශ‍්‍රාම වැටුප ලබන්න අවුරුදු කීයක් වැඩ කරනන ඕනද? අවුරුදු 30ක් වත් ඕන. මන්ත්‍රීවරුන්ට අවුරුදු 5යි. ජනතාවගේ මුදල් මේ විදිහට දේශපාලනඥයන්ට කප්පම්දීලා මේ රට ගොඩනඟන්න බැහැ. මන්ත්‍රීට අවුරුදු 5කින් විශ‍්‍රාම වැටුප් දෙනවා කියන එකේ සැඟවෙච්ච බොරුවකුත් තියෙනවා. මේ වේදිකාවේ ඉන්න හිටපු විගණකාධිපති මායාදුන්නේ මහත්තයා, ඒක ඉතා පැහැදිලිව දන්නවා. මන්ත්‍රීවරයෙක් මාස තුනකට දවසක් පාර්ලිමේන්තු ගියාම, ඇති. ඊට වඩා නොගිහින් ඉන්නවා නම්, මෙඩිකල් එකක් දෙන්න ඕන. මාස තුනකට එක දවසක් ගොඩවෙලා ආයෙත් මාස තුනකින් ගියාම මන්ත්‍රී ධුරය වංලගුයි. එහෙම නම් අවුරුද්දකට යන්න ඕන දවස් හතරයි. අවුරුද්දකට දවස් හතර ගානේ අවුරුදු 5කට දවස් විස්සයි. දවස් විස්සක් පාර්ලිමේන්තුවට ගොඩවෙලා ආවාම ජීවිත කාලයටම විශ‍්‍රාම වැටුපක් ලැබෙනවා. ජනතාවගේ බදු මුදල්වලින් ජීවත්වෙන්න ඔවුන් වරප‍්‍රසාදය හදාගෙන ඉන්නවා. ඒක හරිද, සාධාරණයි ද, යුක්තිසහගතයි ද?, ඇත්තටම ගත්තොත් දවස් විස්සක් යන්නෙත් නැහැ. එක දවසක් ගිහින් නම ලකුණුකරගෙන ආපහු හැරිලා ආවත් ඇති. අන්න එහෙම වරප‍්‍රසාද තියෙන වරදාන තියෙන ඒවා රැකගන්න පොරබදන පිරිසක් තමයි, ඔය හංසයාගේත් පොහොට්ටුවේත් ඉන්නේ. ඇත්තටම මෙතන තියෙන්නේ හංස පූට්ටුව වගේ හංස පොහොට්ටුවක්. කතිරය ගන්න බලාගෙන ඉන්න අය කල්පනා කරනවා ජනතාවගේ බදු මුදල්වලින් ගන්න මේ වරදාන ටික රැකගන්න.” යැයි ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික, ලාල්කාන්ත මහතා සඳහන් කරයි.

ලාල්කාන්ත මේ බව පවසා සිටියේ පසුගිය 19 වනදා මාලඹේ නගර මධ්‍යයේ පැවති, ජාතික ජන බලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක අනුර දිසානායක මහතාගේ ජය තහවුරු කිරීමේ ජන රැලිය අමතමිණි.

තහවුරු කරන ලද , විශ්වසනීය 💯 සියලු උණුසුම් පුවත් 📰 නොමිලේම 🆓 එසැනින් ඔබේ දුරකථනයට ලබා ගැනීමට මෙම Link එක Click කරන්න